27.8 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනඩු පවරන්න ඕනේ මට නෙවෙයි රජයට විරුද්ධවයි

නඩු පවරන්න ඕනේ මට නෙවෙයි රජයට විරුද්ධවයි

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ තමන්ට එරෙහිව නොව රජයට එරෙහිව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ හා පූර්ණ ආබාධිත වූ පවුල්වල සමාජිකයින් 109 දෙනෙකු පැවරූ නඩු සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර එම නඩුවලින් තමන්ව මුදාහරින්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම ඊයේ (05) විභාගයට ගත් අවස්ථාවේදීය.

එමෙන්ම එහිදී හිටපු ජනාදිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥවරයා කියා සිටියේ ව්‍යවස්ථාපිත කරුණක් විභාග කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් සිවිල් අධිකරණයට එම කරුණු විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවත්ය.