― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබන්දුල, කංචන, කෙහෙළියගේ ඇමැති පට්ටම් ගැලවෙන ලකුණු

බන්දුල, කංචන, කෙහෙළියගේ ඇමැති පට්ටම් ගැලවෙන ලකුණු

මෙම සතියේදී නව කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක නව කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඔහු මීට පෙර අවස්ථාවක කටයුතු කළ පරිදි ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දීමට සූදානම් බව එම ආරංච්මාර්ග පෙන්වා දෙයි.

දුමින්ද දිසානායකට විදුලිබල අමාත්‍ය ධුරය ලබාදීමට නියමිතව ඇති අතර ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර යන කැබිනට් අමාත්‍යවරුන්ට එම අමාත්‍ය ධූර අහිමි වීමේ ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.

එනමුත් ඔවුන්ට වෙනත් අමාත්‍ය ධුර ලබාදෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අවධාරණය කරයි.