29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමට තවම අස්වීමේ ලිපිය ලැබුණේ නැහැ - ලංගම සභාපති

මට තවම අස්වීමේ ලිපිය ලැබුණේ නැහැ – ලංගම සභාපති

ප්‍රවාහන අමාත්‍යවරයා තමාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසීය.

අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ ක්‍රියාත්මක කිරීමට සභාපතිවරයා අපොහොසත් වීම හේතුවෙන් පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ලිපියක් යොමු කරමින් දන්වා තිබුණි.

කෙසේවෙතත් සභාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා පැවසුවේ මේ වන තුරු කිසිවකු තමාට කිසිවක් පවසා නැති බවත් තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්ය.