25 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෘෂණ කෝෂ බද්ධයට අමාත්‍යංශයේ අවසරයක් නැහැ

වෘෂණ කෝෂ බද්ධයට අමාත්‍යංශයේ අවසරයක් නැහැ

වෘ‍ෂණ කෝෂ බද්ධ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විශේෂ හෙළිදරවුවක් කර තිබේ.

ඒ අනුව වෛද්‍යවරයා පවසන්නේ සායනික හෝ පර්‌යේෂණාත්මක වශයෙන් වෘ‍ෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නොමැති බව විශේෂඥ වෛද්‍ය මතය බවයි.

එමෙන්ම වෘෂණ කෝෂ බද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් අවයව බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සත් පුද්ගල විමර්ශන කමිටුවක් පත් කර ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

2016 වර්ෂයේද අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ අතර එහි වාර්තාව මේ වන විට අතුරුදහන්ව තිබීම පුදුමයට කරුණකි.