27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරිපා වන්දනා සමය හෙටින් ඇරඹේ

සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹේ

හෙටට යෙදෙන උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයෙන් මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසන්නේ සිරිපා සමය ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ලබන වසරේ වෙසක් පුන් පොහොය දිනය දක්වා මාස හයක කාලයක් ශ්‍රී පාද වන්දනා සමය පැවැත්වෙන අතර ශ්‍රී පාද වන්දනා සමය තුළ සිදුවන පරිසර හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම අවිධිමත් ලෙස කසල බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියා්තමක කරන බවද පොලිසිය අවධාරණය කරයි.