― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋත්සව සමයේදී රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් බිත්තර

උත්සව සමයේදී රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් බිත්තර

එළඹෙන උත්සව සමයේදී කිසිඳු හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එමන්ම මේ වනවිට පනවා ඇති පාලන මිලටත් වඩා අඩුවෙන් එළඹෙන උත්සව සමයේදී බිත්තර මිලදී ගැනීමට හැකිවන බවයි එම සංගමයේ සභාපතිවරයා පැවසුවේ.

රජය මඟින් පනවා තිබෙන රුපියල් 50 පාලන මිලට වැඩියෙන් බිත්තර මිලදී නොගන්නා ලෙසත් සභාපතිවරයා ජනතාවට දැනුම් දෙනු ලබයි.

මේ වන විට රටපුරා සියලු කුකුළු ගොවිපළවල බිත්තර නිෂ්පාදනය සාර්ථකව සිදුවෙමින් පවතින බවත් ඉදිරි මාස දෙක තුනකින් පමණ රජයේ පාලන මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයන්ට බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.