27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් නීති කිහිපයක් ලිහිල් කෙරේ

කොවිඩ් නීති කිහිපයක් ලිහිල් කෙරේ

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නෙඋ කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී පැනවූ නීති කිහිපයක් සංශෝධනය කළ බවයි.

ඒ අනුව මෙරටට ගුවන් මගින් හෝ වරායකින් පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවනු ඇත.

එමෙන්ම මෙරටට ඇතුළුවීමට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ කොවිඩ් අසාදිතයෙකු නොවන බවට කළ පරීක්ෂණ වාර්තාවද මින්පසු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

තවද මෙරටට පැමිණි පුද්ගලයෙකු රටට ඇතුළුවීමෙන් පසුව කොවිඩ් ආසාදිත යැයි තහවුරු වුවහොත් එම පුද්ගලයා සිය පෞද්ගලික වියදමෙන් දින 7ක් නිරෝධායනය විය යුතුය.