― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාගේ අත්තනෝමතික තීරණයක් නිසා රජයට මිලියන 5,978ක පාඩුවක්

ගෝඨාගේ අත්තනෝමතික තීරණයක් නිසා රජයට මිලියන 5,978ක පාඩුවක්

ජපන් ණය ආධාර යටතේ ආරම්භ කළ කොළඹ – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

කොළඹ මාර්ගවල රථවාහන තදබදය අවම කිරීම සහ මගී ජනතාවට යහපත් ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර
2016 වසරේ ජපන් ණය ආධාර යටතේ ගිවිසුම්ගතව ආරම්භ කරන ලද මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කර ඇත.

එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 5,978ක මුදලක් අපතේ ගොස් ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

යහපාලන රජය සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අහෝසි කරනු ලැබීය.