― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදැන් අපිට ගමන තිබෙන්නේ නායකයෝ එක්ක නෙවෙයි

දැන් අපිට ගමන තිබෙන්නේ නායකයෝ එක්ක නෙවෙයි

දැන් අපට ගමන තිබෙන්නේ නායකයින් සමඟ නොවන බවත් තමාට තිබෙන්නේ රටක් නැගිට්ටවන ගමනක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඊයේ (06) පැවති බහුකාර්‍ය කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

අපි දේශපාලනය තියා ගන්න ඕන මැතිවරණ කාලයට, අනෙක් සෑම වෙලාවේදීම අපේ යුතුකම රටටත්, රටෙන් අපිට ලැබෙන දේත් අපි එක හා සමානව බෙදා ගන්න ඕන. අපි බෙදුන හැම වෙලාවේම අපි ආපස්සට ගියා. අපි බෙදුන හැම වෙලාවේම අපිට යමක් නැති වුණා මිසක් එකතු වුණේ නෑ. අපිට යමක් එකතු වුණා නම් එකතු වුණේ කවදාද? යුද්ධය වෙනුවෙන් අපි හැමෝටම පුලුවන් වුණා එකතු වෙන්න. එදා අපි දිනුවා. එදා මළ මිනී අපේ ගම් වලට එන කොට අපි ශ්‍රී ලංකාද, යූ.එන්.පී ද කියලා බැලුවේ නෑ.

පැවති ආණ්ඩුව ශ්‍රී ලංකා නිසා යූ.එන්.පී කාරයෝ කවදාවත් කිව්වේ නෑ මෙන්න උඹලාගේ ආණ්ඩුව, ආණ්ඩු කරන නිසා මගේ පුතා මැරුණා කියලා කිව්වේ නෑ. එදා අපිට අරමුණත් තිබ්බා. ශ්‍රී ලංකාද ? යූ.එන්.පීද?, ජේ.වී.පී ද ? නෙමෙයි රටේ යුද්ධය අවසන් වෙන්න ඕන. අපි හැමෝම එකතු වෙන්න ඕන කියලා. එදා අපේ දේශපාලනයක් තිබුණේ නෑ. හැබැයි එදායින් පස්සේ හැමදාමත් අපි බෙදුනා. බෙදිච්ච හැමදාම අපිට දවසින් දවස දෙයක් නැති වුණා මිසක් එකතු වුණේ නෑ. ඒ නිසා අරගල බිහි වුණා. ජනාධිපතිවරු ගෙදර ගියා. අගමැතිවරු ගෙදර ගියා. ආණ්ඩු මාරු වුණා. අපි හැමෝම එකා එකා පිස්සු බල්ලෝ වගේ විවේචනය කළා.

කෑ ගහගත්තා, මරා ගත්තා, ගෙවල් ගිණි තියාගත්තා. ආපහු අපිට බින්දුවේ ඉඳන්ම නැගිටින්න සිද්ධ වෙලා. තෙල් පෝලිමේ දවස් ගානක් ඉන්න වුණා. තෙල් අලුතින්ම හදුන්වලා දුන්න කාළයේ වගේ නැවක් එනකල් බලන් ඉන්න සිද්ධ වුණා. ලයිට් ටික එනකල් වැඩි කාලයක් අඳුරේ ඉන්න සිද්ධ වුණා. ගෑස් වලට පුරුදු වුණ අපිට ගෑස් සිලින්ඩරයක් කවද්ද කඩේට එන්නේ කියලා බලන් ඉන්න වුණා. අපි එකමුතු නොවුන නිසා අපි හැමතිස්සේම බෙදුණ නිසා, අපිට එන්න එන්න නැති වෙලා, අන්තිමට බින්දුවටම වැටුණා. හැබැයි දැන් අපි වෙනස් වෙන්න කාළය ඇවිල්ලා තියෙනවා. අපි අද වෙනස්ව හිතනවා.ඒ නිසා තමයි අද අපි මොන පක්ෂයේ හිටියත් රට වැටිච්ච වෙලාවේ බලය ගන්නේ කොහොමද කියලා හිතන්නේ නැතිව වැටිච්ච රට නැගිට්ටවන්නේ කොහොමද කියලා අපි හිතන්නේ. අන්න ඒ කාරණය නිසයි. එහෙම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ අයටත් තිබුණා හැමදාම අඩුපාඩු ගැන කථා කර කර ඉන්න.

කවුරුත් කැමතිද මේ රට නැගිටිනවාට. දැන් ආණ්ඩු පක්ෂය ඇරෙන්න විපක්ෂය කැමතිද මේ රට හැදෙනවාට? කවුරුත් කැමති නෑ. මේ රට නැගිට්ටොත් ආයේ බලයක් ගන්න පුලුවන්ද? ඒ නිසා තමයි අපිට නැගිටින්න බැරි. ඒ නිසා තමයි කොච්චර අපි නැගිටින්න උත්සහ කරත් තාමත් අපිට සාමූහික වෙන්න බැරි. මේ බලයට තියෙන කෑදරකමට, ඔබතුමන්ලා අපි හැමෝම නායකයෝ ශක්තිමත් කළා, නායකයොන්ව තැන් තැන් වලට ගෙනිච්චා, හැබැයි නායකයෝ තම තමන්ට ඕන දේවල් කරන කොට ඒවත් අපිට බලාගෙන ඉන්න සිද්ධ වුණා. හැබැයි දැන් අපිට තියෙන්නේ එහෙම ගමනක් නෙමෙයි, නායකයොත් එක්ක ගමනක් නෙමෙයි, දැන් අපිට තියෙන්නේ රටක් නැගිට්ටවන ගමනක්. ඒක අපි හැමෝටම පොදු වෙලා තියෙනවා. එදා වගේ අපි රණ්ඩු කරන්නේ නෑ. එදා වගේ අපි විනාශ වෙන්නේ නෑ. දැන් අපි හැමෝම එකට එකතු වෙලා අනාගතේ ශක්තිමත් රටක් වෙනුවෙන් අපි කොහොමද යන්නේ කියන එක තමයි අපි හැමෝම අද කල්පනා කරන්නේ.”