28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් වෙස් ගෙන ගලිගමුවේ නිවසක් කොල්ල කාලා

පොලිස් වෙස් ගෙන ගලිගමුවේ නිවසක් කොල්ල කාලා

පොලිසියේ බව පෙනී සිටිමින් නිවැසියන් බියවද්දා නිවසේ තිබූ රන් භාණ්ඩ හා අනෙකුත් දේපල කොල්ල කා තිබෙනවා.

ඊයේ (06) අලුයම් කාලයේදී කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ නිවසකදී මෙම කොල්ලකෑම සිදුව තිබේ.

මෙම නිවසේ හිමිකරු සිය මිතුරන් තිදෙනෙකු සමඟ තාවකාලික නිවසේ නිදා සිටියදී ඊයේ (06) අලුයම් කාලයේ පොලිස් නිලධාරින් බව පවසමින් නිවසට ඇතුළු වූ තිදෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් නිවැසියන් දණගස්වා ඔවුන් සතුව තිබූ රන් අත් පළඳනාවක්, රන්මුදු 02ක්, රන් මාලයක්, පෙන්ඩන්ට් 02ක්, මුදලින් රුපියල් 355500ක් සහ ජංගම දුරකථනයක් ඇතුළු දේපල හා මුදල් කොල්ලකා පලාගොස් ඇත.

කොල්ලකන ලද දේපල හා මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 18කට අධික බවයි වාර්තා වන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.