30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෙහෙත් හිඟයෙන් අක්ෂි ශල්‍යකර්මවලට දැඩි බාධා

බෙහෙත් හිඟයෙන් අක්ෂි ශල්‍යකර්මවලට දැඩි බාධා

මේ වන විට පවතින ඖෂධ හිඟය ජාතික අක්ෂි රෝහලට සහ සියලුම අක්ෂි ශල්‍යකර්ම සිදුකරන රෝහල්වලට බලපා ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ පවතින අක්ෂි කාචවල හිඟය සහ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා ලබන වසර වනවිට හිඟයකින් තොරව ඖෂධ ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවයි.