― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලබන වසරේ සිට කඩදාසි රහිත විදුලි බිල්පත්

ලබන වසරේ සිට කඩදාසි රහිත විදුලි බිල්පත්

සියලුම ලංවිම පාරිභෝගිකයින්ට ලබන මාසයේ සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වියදම් සහ පිරිවැය අඩු කිරීම සම්බන්ධයෙන් ලංවිම නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාව අතරතුරදීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පරකාශ කළේ වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම, දැනට සිටින කාර්ය මණ්ඩලයෙන් සිදු කළ යුතු බාහිර සේවා සහ ලංවිමට කළ නොහැකි වැඩ ප්‍රාදේශීය සභා සහාය ඇතිව සිදු කිරීමටයි.