25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

අදට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් 2022 – 2023 ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වනවා.

පුරා මාස 06ක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය, නිමාවට පත්වන්නේ ලබන වසරේ (2023) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන්.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම වෙනුවෙන් මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රිය පෙරහැර ඊයේ (06) දිනයේ ගමන් ආරම්භ කළා.

එලෙස වැඩම වූ සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සිරිපා මළුවේ තැන්පත් කිරීම සිදුකරනු ලැබුවේ අද (07) අලුයමයි.

මේ අතර 2022-2023 ශ්‍රී පාද වන්දනා වාරයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා පරිසරය රැක ගනිමින් ශ්‍රී පාදස්ථානය කරුණා කරන ලෙසයි ශ්‍රී පාද ස්ථානාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙනුවෙන් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළා.