29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසොරාගත් ජංගම දුරකථන තොගයක් පහසු ගෙවීමේ ක්‍රමයට විකුණලා

සොරාගත් ජංගම දුරකථන තොගයක් පහසු ගෙවීමේ ක්‍රමයට විකුණලා

හංවැල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් සොරාගත් ජංගම දුරකථන තොගයක් පහසු ගෙවීමේ ක්‍රමය මත විවිධ පුද්ගලයන්ට අලෙවි කළ පුද්ගලයකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන මෙලෙස සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ ජංගම දුරකථන වෙළඳසැලට යාබද වෙළඳසැලක ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණ ඇති සැකකරු, ජංගම දුරකථන වෙළඳසැලේ පිටුපස දොර අනාරක්ෂිත තිබෙන බවට අවබෝධ කරගැනීමෙන් අනතුරුව මෙම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස සොරාගත් ජංගම දුරකථන සැකකරු විසින් අවිස්සාවේල්ල, කොස්ගම සහ සාලාව ආදී ප්‍රදේශවල පුද්ගලයින්ට පහසු ගෙවීමේ පදනම මත අලෙවිකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහු කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු සොරකම සිදුකරන අයුරු සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණේ මෙලෙසින්..