― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෙට රෝහල් සේවකයන් වැඩ වර්ජනයක

හෙට රෝහල් සේවකයන් වැඩ වර්ජනයක

රෝහල්වල පවතින ඖෂධ හා උපකරණ හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා හා සෞඛ්‍ය සේවකයන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට අයවැය තුළින් සහන ඉල්ලා හෙට (08) පැය 04ක වැඩවර්ජනයක් සිදුකරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලවලට අයත් සේවකයන් හෙට උදෑසන 08 සිට දහවල් 12 දක්වා කාලය තුළදී සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැළපිටියේ සුගතානන්ද හිමියෝ අවධාරණය කළා.

පැය 04ක වැඩවර්ජනයෙන් පසු දහවල් 12 – 01 කාලය තුළදී රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වීමටත් කටයුතු කරන බවයි. උන්වහන්සේ මේ බව පවසා සිටියේ ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

රට තුළ පවතින ඖෂධ හා උපකරණ හිඟය නිසා රෝගී ජනතාව පීඩාවට පත් වී සිටින බවත් සෞඛ්‍ය සේවකයන් ඇතුළු රාජ්‍ය සේවකයන් අයවැය තුළින් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වුවත් ඊට අදාළව කිසිදු යෝජනාවක් අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර නොමැති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

මේ හේතුවෙන් පවතින ගැටලු විසඳා ගැනීමේ පළමු පියවර ලෙස හෙට පැය 04ක වැඩවර්ජනයක් හා පැයක විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව උන්වහන්සේ පවසා සිටියහ.