27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋඹලා පාර්ලිමේන්තුවට ආවේ මධුසමය ගෙවන්න නෙවෙයි

උඹලා පාර්ලිමේන්තුවට ආවේ මධුසමය ගෙවන්න නෙවෙයි

ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ජනතාවට සහන සැලසීම සඳහා මාසයක කාලයක් ලබාදෙන බවත් එම මාසය තුළ ජනතාවට සහන නොදී තවදුරටත් රට පාලනය කරන්නට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුව එළවා දමන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මිහින්තලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ජනාධිපතිට, අගමැතිට කැබිනට් එකට කාලේ දෙන්නේ මාසයයි. රටේ ලක්ෂ 220ක් ගැන හිතපල්ලා. මේ සියලු ආගම්, සියලු ජාතීන් එකතුවෙලා උඹලට කියන්නේ මිනිස්සුන්ට සහන දීපල්ලා. මිනිස්සුන්ට සහන නොදී උඹලා දිගටම මේ රට පාලනය කරන්න යනවා නම්, අපිට වෙනවා උඹලා එලවන්න. ජනවාරි මාසයේ අලුත් අවුරුද්දක් ලබනවා. පුර පසළොස්වක පෝයත් ලබනවා. ඒ වෙනකොට මහජනතාව වෙනුවෙන් ජීවත්වෙන්න අයිතිය දීපල්ලා. උඹලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මධුසමය ගතකරන්න කියලා හිතනවා නම් උඹලට වැරදිලා. මෙච්චර කල් අපෙන් වැරදීමක් වුණා. ඒක අපි නිවැරදි කරන්න තමා එක මාවතකට, එක කොඩියක්, එක නීතියක්, එක රටක් කියන එකට අපි පෙළගස්වන්නේ. පාර්ලිමේන්තුව කරන එක නායකයෙක්වත් අපිට වැඩක් නෑ.