― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසාවියෙන් දඩ කෑ පියා හා බාප්පා නිසා පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

උසාවියෙන් දඩ කෑ පියා හා බාප්පා නිසා පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව, බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකිරීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වසරකට අධික කාලයක් පිළියන්දල පොලිසියේ සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම මෙලෙස අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

2021 වසරේ සැප්තැම්බර් මස පළමුවන දින පොලිස් සේවයට එක් වී මූලික පුහුණුව හැදෑරීමෙන් පසු පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී අදාළ කොස්තාපල්වරයා මෙලෙස සේවයෙන් ඉවත්කර ඇති බව සඳහන්.

කුලී රැකියාවක නිරත අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ පියා 2017 වසරේදී නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා වැලිගොඩ දැමීමේ වරදට හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔහුට රුපියල් 10,000ක දඩයක් නියම කර තිබූ අතර 2021 මාර්තු 02 වැනි දින බලපත්‍ර නොමැතිව බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට එම පොලිසිය මඟින් ම අත්අඩංගුවට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රුපියල් 5000ක දඩයක්ද නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොස්තාපල්වරයාගේ බාප්පා 2021 වසරේ පෙබරවාරි 01 වන දින බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට හසලක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 5000ක දඩයක් නියමකර තිබෙනවා.

සිය පියාගේ සහ බාප්පා මෙලෙස අධිකරණය හමුවේ වැරදිකරුවන්ව දඩ නියම කර තිබීම හේතුවෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ පත්වීම මෙලෙස අවලංගු කිරීමට හේතු වී ඇති බව සඳහන්.