23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තාවකට සරම උස්සා පෙන්වූ මන්ත්‍රී අත්අඩංගුවට

කාන්තාවකට සරම උස්සා පෙන්වූ මන්ත්‍රී අත්අඩංගුවට

කාන්තාවකට සරම උස්සා පෙන්වූ වලල්ලාවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

උඩුමුල්ලහේන, යගිරල ලිපිනයේ පදිංචි කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පදිංචි නිවස ආසන්නයේ ඉඩමක දර කපා ඉවත්කරන අවස්ථාවේ ඇතිවූ බහින්බස් වීමක් අතරතුර මන්ත්‍රීවරයා පැමිණිලිකාර තැනැත්තියට පරුෂ වචනයෙන් බැන, ඇද සිටි සරම උස්සා පෙන්වූ බවට ඇය පොලීසියට පැමිණිලි කර තිබේ.

කාන්තාවකට ලිංගික අතවර කිරීම යටතේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇතැයි පොලීසිය පවසයි.

#lankadeepa