23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජපන්නු වීසා ගත යුත්තේ ලංකාවෙනුයි උතුරු කොරියාවෙනුයි විතරයි

ජපන්නු වීසා ගත යුත්තේ ලංකාවෙනුයි උතුරු කොරියාවෙනුයි විතරයි

ජපන් ජාතිකයෙක් සංචාරයකට යාමේදී ලෝකයෙන්ම වීසා ගත යුතු රටවල් ඇත්තේ දෙකක් පමණක් බවත් එම රටවල් දෙක වන්නේ ලංකාව හා උතුරු කොරියාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

ජපානයේ ගුවන් ගමන් බලපත්‍රය ඉතා බලවත් ගුවන් ගමන් බලපත්‍රයක් ලෙස පිළිගන්නවා. ජපනුන් කොහේ හරි සංචාරයකට යනවනම් රටවල් දෙකක් හැර ඔවුන් ලෝකයේ වෙන කොහේ හරි රටකට යනවනම් වීසා අයදුම් කරන්නෙ නෑ.

නේවාසිකව යනවනම් වෙනත් කරුණක්. රටවල් දෙකයි ජපන් සංචාරකයන්ගෙන් වීසා ගන්නේ. එකක් උතුරු කොරියාව. උතුරු කොරියාව ජපානය දෙස බලන්නේ සම්ප්‍රදායික විරුද්ධවාදීන් හැටියට. අනික ලංකාව.

ජපන් ජාතිකයෙක් සංචාරයකට යනව නම් වීසා ගන්න ඕන රටවල් දෙක ලංකාවයි උතුරු කොරියාවයි. මේකවත් වෙනස් කරන්න මොළයක් නෑ. මේක රොකට් සයන්ස් නෙමෙයි. සංචාරය කරන ජපන් ජාතිකයන්ට වීසා ගැනීම හුරු නෑ. ඒ අතර අපේ වීසා ගාස්තුත් වැඩි කරලා.