26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහිඕවිට පියෙක් දොරගුළු දමාගෙන සිය දිවි නසාගනියි

දෙහිඕවිට පියෙක් දොරගුළු දමාගෙන සිය දිවි නසාගනියි

පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් ගෙල කපාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් දෙහිඕවිට, දෙල්ඔළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දිවි හානිකරගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහු මානසික ආබාධයකින් පෙලුණු පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සිය පියා විසින් නිවස තුළට වී දොරඟුලු දමාගෙන සිටින බවට දියණියක් ඊයේ (07) උදෑසන කාලයේ දෙහිඕවිට පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානය සඳහා පිටව ගොස් ඇති අතර එහිදී නිරීක්ෂණය වී ඇත්තේ මෙම පුද්ගලයා විසින් නිවසේ දොර ජනෙල් ඇතුළතින් අඟුලු දමාගෙන සිටින බවයි.

පසුව පොලිසිය විසින් නිවසේ දොර විවෘතකර බැලීමේදී මෙම පුද්ගලයා විසින් නිවසේ මුළුතැන්ගෙය තුළ තියුණු ආයුධයකින් ගෙළ කපාගෙන සියදිවි නසාගෙන තිබිය දී හමුව තිබෙනවා.

දෙහිඕවිට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.