ආනයනික දොඩම් කිලෝවක මිල රුපියල් 1,990ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පලතුරු ආනයනකරුවන් පවසන්නේ ආනයනික වියදම් හා බදු මිල ඉහළ යෑම හේතුවෙන් දොඩම් ඇතුළු පලතුරු මිල ගණන් ඉහළ දැමීමට සිදුවී ඇති බවයි.
මීට මාස කීපයකට පෙරදී ආනයනික දොඩම් ගෙඩි තුනක් රුපියල් 100ත් 200ත් අතර මිලකට අලෙවි කෙරුණු අතර මෙරට නිපදවන දොඩම් රැසක් අපනයනය කිරීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ වැඩිපුරම අලෙවි කෙරෙන්නේ ආනයනික දොඩම්ය.