26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවික හමුදා බස් රථයක ගැටී වවුනියාවේ ගුරුවරයෙක් ජීවිතක්ෂයට

නාවික හමුදා බස් රථයක ගැටී වවුනියාවේ ගුරුවරයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් නාවික හමුදා බස් රථයක ගැටීම නිසා ගුරුවරයෙකු 06 වැනිදා මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරුවරයෙක්.
වවුනියාව ඊරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේදී මේ අනතුර සිදු වී ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි අනුෂ්ක අබේරත්න ලක්මාල් නැමති ගුරුවරයායි.

කබඩි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගවලට පවා සහභාගී වී ඇති මොහු විවාහ දිවියට පත් වූයේ මීට මාසයකට ඉහතදීය.

අනතුරෙන් පසුව තුවාල ලැබූ ගුරුවරයාව වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මිය ගොස් තිබේ. ඊරට්ටපෙරියකුලම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.