30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිල ඇඳුමට යට නොවුණු පොලීසියේ මිනිසත්කම

නිල ඇඳුමට යට නොවුණු පොලීසියේ මිනිසත්කම

ඊයෙට යෙදී තිබුණු උදුවප් පුන් පොහෝ දා පන්සල් යාම සඳහා ටිකට් පතක් නොමැතිව අංගම්පිටියේ සිට පාදුක්ක දක්වා දුම්රියෙන් ගමන් ගත් 70 හැවිරිදි වයෝවෘද්ධ මවකට පාදුක්ක දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් රුපියල් 3600ක දඩ මුදලක් ගසා තිබේ.

මෙම මවට ගැසූ දඩ මුදල පාදුක්ක පොලිසිය විසින් ගෙවා දමා එම වයෝවෘද්ධ කාන්තාව මුදා හැරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවගේ ටිකට් පතේ වටිනාකම රුපියල් 40ක් වන අතර ටිකට් ගැනීමට මුදල් නොමැති නිසා ටිකට්පතක් නොගෙන දුම්රියෙන් පන්සල් යාම සඳහා පැමිණ ඇති බව ඇය පොලීසියට පවසා තිබේ.

කෙසේනමුත් දඩකොළය ලබාදුන් දුම්රිය ස්ථානාධිපතිවරයා පාදුක්ක පොලිසියට සිද්ධිය දැනුම් දී ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දී තිබේ.

පොලිස් නිලධාරීන් බාරයට ගත් මෙම වියෝවෘද්ධ මවට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ආහාර පානවලින් සංග්‍රහ කළා පමණක් නොව ඇයට නිකුත් කර තිබූ රුපියල් 3600ක දඩ මුදලද ගෙවා දැමීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.