31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිවසින් බැහැරට යනවා නම් මුව ආවරණයක් පළඳින්න

නිවසින් බැහැරට යනවා නම් මුව ආවරණයක් පළඳින්න

කොළඹ නගරයේ හා මෙරට ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

මෙම තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක් ලෙස සැලකෙන බැවින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ පවසන්නේ හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් වන අතර එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි බවයි.

එමෙන්ම එළිමහනේ ව්‍යායාම කිරීම සිදු කරන්නේ නම් හැකි තාක් එයින් වැළකී සිටීම වැදගත් බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

නිවසින් බැහැරව යන අවස්ථාවන්හි මුඛ ආවරණයක් පැළඳීම මගින් විෂ වායුන් හා විෂ දුම ආග්‍රහණය අවම කරගත හැකියාව පවතින බවත් නිවෙස් හා රැකියා ස්ථාන මනා ලෙස වාතාශ්‍රය ලැබෙන සේ තබා ගැනීම මගින් වායු දූෂණයේ ඇති අහිතකර ප්‍රතිවිපාකවලින් ආරක්ෂා විය හැකි බවත් ඔහු සඳහන් කළේය.