27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherමුහුදේ ඉන්න ධීවරයින් වහාම ගොඩබිමට යන්න

මුහුදේ ඉන්න ධීවරයින් වහාම ගොඩබිමට යන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මැන්ඩුවොස් නම් සුළි කුණාටුවක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගිණිගොණ දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක යන ප්‍රදේශ සඳහායි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබන අතර මෙම සුළි කුණාටුව හෙට (09) මධ්‍යම රාත්‍රිය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි ඵම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.