මෙරට පුරවැසියන්ගෙන් තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හෙළිදරවු කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එමෙන්ම ගෙයින් ගෙට ගොස් ඒ පිරිස සැබෑවටම ආධාර ලැබිය යුතු අයද යන්න පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සොයා බලමින් සිටින බවත් ඔවුන්ට ලබන අප්‍රේල් මාසයේදී රජයේ සහනය ලබාදීමට නියමිත බවත් රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.