26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලොකු ලොකු හෝටල්වල පාටි දාලා ආර්ථිකය ගොඩගන්න බැහැ

ලොකු ලොකු හෝටල්වල පාටි දාලා ආර්ථිකය ගොඩගන්න බැහැ

රටේ වතුර නොමැති පාසල් දහසකට වඩා සහ වැසිකිලි නොමැති පාසල් 1800කට වඩා තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසීය.

මුදල්, ආර්ථිකය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම අයවැය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ එකක් නොවන බවයි.

එමෙන්ම ලොකු ලොකු හෝටල්වල පාටි දැමුවා කියා හෝ ඇමති පැටුවන් බිහි කළා කියා ආර්ථිකය ගොඩ ගත නොහැකි බවත් මෙම අයවැය ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන්ද? තමන්ගේ පැවැත්ම වෙනුවෙන්ද? යන ප්‍රශ්නය පැන නගින බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.