25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබල මණ්ඩලයේ මුළු ණය කෝටි 65,500ක්

විදුලිබල මණ්ඩලයේ මුළු ණය කෝටි 65,500ක්

මෙම වසරේ ඔක්තෝබර් මස වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 655ක් හෙවත් රුපියල් කෝටි 65,500ක් ණය වී ඇති බව එම මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානී තිස්ස ලියනගේ පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කුඩා ජල විදුලිබලාගාර සහ ‘සෝලා’ ඇතුළු සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 72ක් හෙවත් රුපියල් කෝටි 7,200 ගෙවීමට ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 57ක් හා පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීම් සඳහා බිලියන 77ක් ගෙවීමට ඇති බවයි.

එමෙන්ම කුඩා විදුලි බලාගාරවලට බිලියන 36ක්, ‘සෝලා’ කෙටි කාලීන ණය සහ සැපයමුකරුවන්ට බිලියන 36ක්, බැංකු ණය බිලියන 131ක්, ව්‍යාපෘති ණය වශයෙන් බිලියන 295ක් සහ වෙනත් ණය බිලියන 20කින් සමන්විතව මෙම කෝටි 65,500 ණය වී ඇති බවයි.

එම ගෙවීම් කොටස් ලෙස ගෙවමින් සිටියද විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙතරම් ණය ගොඩ ගැසී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.