24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

විදුලි බිල වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

යළි විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට අද (08) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන බව කියමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනතාව නොමඟ යවන්නේ ඇයි දැයි තමා නොදන්නා බවයි.

සුඛෝපභෝගී සමාගම් කීපයක් ඇති ඔහු මෙම කතාව කියන්නේ විදුලි බිල වැඩි කළොත් ඔහුගේ වියදම වැඩිවන නිසා දැයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ 2013 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 300ක අලාභයක් විදුලිබල මණ්ඩලය ලබා ඇති බවයි.