28 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ කාර්ය බලකායේ සෙබළෙක් ඉසෙඩ් ඩී ඇළට බිලිවෙයි

විශේෂ කාර්ය බලකායේ සෙබළෙක් ඉසෙඩ් ඩී ඇළට බිලිවෙයි

පොළොන්නරුව, අරලගංවිල විශේෂ කාර්ය බලකායට අනියුක්තව රාජකාරී කළ සෙබළුන් තිදෙනෙකු මාදුරුඔය – ඉසෙඩ් ඩී ඇළට ලිස්සා වැටී අද (08) දහවල් අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.

එහිදී සෙබළුන් දෙදෙනෙකුට දිවි බේරාගැනීමට හැකිව ඇති අතර තවත් සෙබළෙක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සෙබලුන් තිදෙනා ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටියදී රථය නවතා ඇළට බැස ඇති අතර එහිදී පය ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ අරලගංවිල විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් රියැදුරකු ලෙස සේවය කළ සෙබළෙක්.

කෑගල්ල, රඹුක්කන, යටියන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

සෙබළුන් තිදෙනා ඇළට වැටී සිටියදී ඒ අසළින් ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු ඇළට පැන සෙබළුන් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිව තිබෙනවා.

දියේ ගිලීමෙන් අතුරුදන් වූ අනෙක් සෙබළා සොයා මාදුරුඔය විශේෂ කාර්ය බළකායේ කිමිදුම් අංශයේ නිලධාරීන් මෙහෙයුම් දියත් කළ අතර පැයක පමණ මෙහෙයුමකින් පසු එම සෙබළාගේ සිරුර සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.