27.8 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහෝදරයාගේ වායු රයිෆල් වෙඩි පහරින් නැගණියගේ උගුරට තුවාල

සහෝදරයාගේ වායු රයිෆල් වෙඩි පහරින් නැගණියගේ උගුරට තුවාල

සහෝදරයා විසින් වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුදු 02ක් වයසැති ඔහුගේ නැඟණියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ පුවතක් පස්යාල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එකොළොස් හැවිරිදි සහෝදරයා විසින් වායු රයිෆලයෙන් බිත්තියට තැබූ උණ්ඩයක කැබැල්ලක් මෙසේ දැරියට වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පස්යාල, දෙමටදෙණිකන්ද ප්‍රදේශයේ දැරියකුයි මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත්තේ.

උණ්ඩයේ කොටසක් දැරියගේ උගුරු පසාරුකරගෙන ගොස් ඇති අතර, දැරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වන්නේ.