29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsSTF වෙස් අරන් ලක්ෂ 27කට විදින්න ගිය කොල්ලකරුවාට වැඩ වරදී

STF වෙස් අරන් ලක්ෂ 27කට විදින්න ගිය කොල්ලකරුවාට වැඩ වරදී

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා බම්බලපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගයේදී මෝටර් රථයක් නවතා රුපියල් ලක්ෂ 27ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් යතුරුපැදියක්ද සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයේ හිමිකරු ඩුප්ලිකේෂන් මාර්ගයේ පැමිණෙමින් සිටියදී සැකකරුවන් පිරිසක් රථය නවතා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ඊයේ දහවල් මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොල්ලකරුවන් පලායමින් සිටියදී මෝටර් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයකු විසින් ඉන් එක් අයෙක් යතුරුපැදිය සමඟ අල්ලාගෙන බම්බලපිටිය පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිසියට භාරදීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 41ක කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මුදල් රැගෙන පලාගිය අනෙක් පුද්ගලන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.