29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධික සීතල නිසා කිරි ගවයින් 165ක් මියගිහින්

අධික සීතල නිසා කිරි ගවයින් 165ක් මියගිහින්

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වයත් සමඟ එය දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ කිරි ගවයින් 165ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.

කිලිනොච්චිය, කරච්චි ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයට අයත් පොන්නගර් ප්‍රදේශයේ කිරිගවයින් සහ එළුවන් ගව ගාල් තුළ සහ මාර්ගවල මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අධික සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා හිමිකරුවන් මාර්ගවල සහ ගව මඩුවල විශාල ගිනිමැල ගසා එම සතුන් උණුසුම් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පවතින අධික සීතල තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් පැවතිය හොත් මිය යන සතුන් ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බවයි කිලිනොච්චිය ආපදා කළමණාකරණ කාර්යාලය පවසන්නේ.

ඒ හේතුවෙන් ගවයින්, එළුවන් ඇතුළු සතුන් හැකි සෑම අවස්ථාවකම උණුසුම් ස්ථානවල රඳවන ලෙසට ගොවියන්ට දැනුම් දී තිබෙනවා.