31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආණ්ඩුව හදන්නේ කිකිළිව මරලා එකපාර රත්තරන් බිත්තර ටික ගන්න - ජේ.සී අලවතුවල

ආණ්ඩුව හදන්නේ කිකිළිව මරලා එකපාර රත්තරන් බිත්තර ටික ගන්න – ජේ.සී අලවතුවල

එකවර බිත්තර ගැනීම සඳහා රත්තරන් බිත්තර දැමූ කිකිළිය මැරුවා වගේ ව්‍යාපාර නැත්තටම නැති කොට ඔවුන්ගෙන් බදු අය කර ගන්නේ කෙසේදැයි සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

රටේ අපනයනකරුවන් අපහසු තැනකට පත්ව තිබෙන බවත් ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය සමඟ තරගකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ බදු සමග ඔවුන්ට තිබෙනවා දැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු ව්‍යාපාරිකයන් කඩා වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන බවත් අද බදු ගෙවන්නට ශක්තිය ඇති පිරිසක් ඉතුරු වෙලා සිටිනවා දැයි පාර්ලිමේන්තුවේදී ඇසීය.