වී ගොවීන්ගේ ගැටලු විසඳීමට කොතෙක් උත්සහ කළද ඒවා අසාර්ථක වී ඇති බවත් තමාට ඇමති ධූරයෙන් ඉවත්වීම හැර වෙන විකල්පයක් නොමැති බවත් කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (08) ජාතික ගොවිජන එකමුතුව සමග පැවති උණුසුම් දුරකථන සංවාදයක් අතරතුරදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වී මිල දී ගැනීමට රජයට මුදල් නැති බවත් පිටරටින් සහල් ගෙන්වීම නිසා වී මිල දී ගැනීම සහල් නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.