25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයෙයි අදයි හරිම සීතලයි නේද? ඒකට හේතුව මෙන්න

ඊයෙයි අදයි හරිම සීතලයි නේද? ඒකට හේතුව මෙන්න

මේ දිනවල දිවයින පුරා අධික ශීත කාලගුණික තත්ත්වයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව ඊයේ (09) රාත්‍රිය වනවිට කොළඹ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්ෂියස් අංශක 20.7ක් ලෙසයි.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාව දෙස සිට හමන සුළං ප්‍රවාහයේ වැඩිවීම මෙම ශීත කාලගුණික තත්ත්වයට හේතුවෙන් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා.

අද (09) රාත්‍රිය වනවිට එම සුළි කුණාටුව උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමත් සමඟ මෙම ශීත කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර මේ දිනවල පවතින ශිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වෛරස් උණ ඇතුළු විවිධ රෝගී තත්ත්වයන් පහසුවෙන් බෝවීමේ අවදානමක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥයින් සඳහන් කරනවා.