28.4 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායකදී කෝටි 40ක දැවැන්ත රත්‍රං තොගයක් අල්ලයි

කටුනායකදී කෝටි 40ක දැවැන්ත රත්‍රං තොගයක් අල්ලයි

රුපියල් කෝටි 40ක අධික වටිනාකමින් යුත් රන් ආභරණ සහ රන් කුඩු තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් චෙන්නායි සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයන්ගේ ගමන් මළුවල තිබී හඳුනාගැනීමට නොහැකි ලෙස වර්ණ ගැන් වූ රන් ආභරණ, ද්‍රව ලෙස සකස් කළ රන් කුඩු සහ රන් අලේප කළ ඇඳුම් 30ක් සොයා ගැනීමට හැකිවූ බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

මෙය ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ සිදුකළ දැවැන්ත රත්‍රං වැටලීමක් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම සැකකරුවන්ගෙන් තිදෙනෙක් ඩුබායි සිට චෙන්නායිවලට පැමිණ එතැන් සිට කටුනායක බලා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය බුද්ධි තොරතුරු ආයතනයක් දුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.