25 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩු නැතුව කම්කරුවන් පොහොර පැටවීම ප්‍රතික්ෂේප කරලා

කුඩු නැතුව කම්කරුවන් පොහොර පැටවීම ප්‍රතික්ෂේප කරලා

හෙරොයින් මත්ද්‍රව්‍ය නොමැතිකමින් ලොරිවලට පොහොර පැටවීම සඳහා කම්කරුවන් පැමිණෙන්නේ නැති බව කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඔවුන් මේ බව අමාත්‍යවරයා දන්වා ඇත්තේ කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගම් හරහා පොහොර බෙදාහැරීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ කම්කරුවන් සඳහා කුඩු ලබාදීමට තම අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බැවින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොහොර පැටවීමෙි කටයුතු සිදු කරන ලෙසයි.

ඒ සඳහා වැය වන සියලු මුදල් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදෙන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා තිබේ.