27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළියගේ 230,000ක ෆෝන් බිල ගැන නඩුවක්

කෙහෙළියගේ 230,000ක ෆෝන් බිල ගැන නඩුවක්

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවකට අදාළව සංශෝධිත චෝදනා පත්‍රයක් අල්ලස් කොමිසම විසින් අද (09) කොළඹ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

2012 වසරේ මැයි 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලසීමාව තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 230,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව අද (09) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබූ අතර මෙම නඩුවට අදාළ විරෝධතා ලබන පෙබරවාරි 09 වැනිදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.