27.2 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය අගමැති කරන්න පොහොට්ටුවේ රහස් සාකච්ඡා

ගෝඨාභය අගමැති කරන්න පොහොට්ටුවේ රහස් සාකච්ඡා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේවන විට රහස් සාකච්ඡා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීම එම සාකච්ඡාවල අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී එම හිස්වූ මන්ත්‍රී අසුනට ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා පත් කිරීමට සැලසුම් කර තිබේ.

පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී යෝජනවකින් ගෝඨාභය රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීමට නියමිත බවයි එම දේශපාලන ආරංච්මාර්ග අනාවරණය කරන්නේ.

කෙසේනමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.