23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනපතිගේ ඇඳේ නිදියන්නේ කවුද කියලා හොයන්න වෙනවා

ජනපතිගේ ඇඳේ නිදියන්නේ කවුද කියලා හොයන්න වෙනවා

පසුගිය ජූලි 28 වැනිදා පාර්ලිමේන්තුවේ මිලදී ගැනීමකින් තොරව භාණ්ඩ තොගයක් ගෙනැවිත් තිබෙන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අනාවරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පුද්ගලික ආයතනයක් විසින් මුදල් ගෙවා එම භාණ්ඩ ගෙනැවිත් තිබෙන බවයි.

එමෙන්ම එම භාණ්ඩ ලබා ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයාගේ අත්සනින් බවත් එම භාණ්ඩ අතර සුපිරි මෙට්ටයක් ගෙනැවිත් තිබෙන බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

එම මෙට්ටයේ ඝණකම අඩියකට වඩා වැඩි බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ කාමරය ඇතුලට එවැනි මෙට්ටයක අවශ්‍යතාවය කුමක්ද යන්න ගැටලුවක් පැන නගින බවයි.

තමා දන්නා තරමින් ජනාධිපතිවරයාගේ කාමරයේ කිසිවෙකු නිදා නොගන්නා බවත් නැත්නම් ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ අයෙකු යහන් ගත විය යුතු බවත් බුද්ධික පතිරණ පැවසීය.