27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පුටුව හේෂාට

තරුණ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පුටුව හේෂාට

තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ තේරී පත්ව තිබෙනවා.

‘තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයක්’ නව වැනි පාර්ලිමේන්තුව සදහා ස්ථාපනය කිරීමට පැවති රැස්වීමේදී මන්ත්‍රීවරයා එම තනතුර සඳහා තේරී පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තනතුර සඳහා හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් යෝජනා කළ අතර පාර්ලීමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහ එස් .එම් මරික්කාර් විසින් ස්ථිර කරනු ලැබුවා.

සංසදයේ අභිනව සභාපති හේෂා විතානගේ මෙහිදී අදහස් දක්වමින් පවසා සිටි‍යේ තරුණයන්ගේ අපේක්ෂාවන් මෙන්ම ගැටලු සදහා ඉදිරියේදී සක්‍රීය ලෙස මැදිහත් වීමට මෙම සංසදය අපේක්ෂා කරන බවයි.