31.1 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවික හමුදාවේ 3770කට උසස්වීම්

නාවික හමුදාවේ 3770කට උසස්වීම්

නාවික හමුදාවේ 72 වන සංවත්සරය අදට (09) යෙදී තිබේ.

ඊට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නිර්දේශය මත නිලධාරීන් 222 දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3548ක් අද (09) උසස් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව කොමදෝරු නිලය දක්වා නිලධාරීන් දෙදෙනෙක්ද, ලුතිනන් කොමාණ්ඩර් නිලය දක්වා නිලධාරීන් 56 දෙනෙක්ද, ලුතිනන් නිලය දක්වා නිලධාරීන් 58 දෙනෙක්ද, උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් 67 දෙනෙක්ද , වැඩ බලන උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් 07ක් සහ මධ්‍ය නිලධාරි දක්වා නිලධාරීන් 32ක්ද වශයෙන් නිලධාරීන් 222 ක් ඊළඟ නිලය දක්වා උසස් කරන ලදී.

එමෙන්ම සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 692 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 287ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 951ක්ද, සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 1259ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 330 ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 18ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11ක් වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 3548ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කරන ලදී.