28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසියට තග දැමූ බොරුපාට් චණ්ඩියා අධිකරණයට

පොලීසියට තග දැමූ බොරුපාට් චණ්ඩියා අධිකරණයට

රථවාහන රාජකාරීයේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ‘අමේෂ් රුවන්ත‘ නැමැත්තා අද (09) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මිරිහාන පොලිසිය විසින් අදාළ සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධ චෝදනා ලබා සිටි මෙම පුද්ගලයා ඊයේ (08) මිරිහාන පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

මාර්ග නීති උල්ලංඝනය කරමින් හයිලෙවල් මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කළ බව කියන මෙම පුද්ගලයා පසුව පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ සැරිසැරුවා.