29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූස්සේ හදිසි පරික්ෂාවක් - ප්‍රබල අපරාධකරුවන්ගේ කුටිවලින් ජංගම දුරකථන හමුවෙයි

බූස්සේ හදිසි පරික්ෂාවක් – ප්‍රබල අපරාධකරුවන්ගේ කුටිවලින් ජංගම දුරකථන හමුවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (08) පස්වරුවේ බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසෙහි සිර මැදිරි 46ක් පරීක්ෂාවට ලක් කොට තිබේ.

එහිදී රැඳවියන් 04ක් රඳවා සිටින සිර මැදිරි තුළ තිබී ජංගම දුරකථන 04ක්, චාජර් 01ක්, ඩේටා කේබල් 04ක්, සිම්පත් 03ක් හා ඇඩැප්ටර් 01ක් හමුවී ඇත.

ඒ අනුව ඉම්රාන් කංජිපානි ඉම්රාන්ගේ (අංක 06 සිර මැදිරිය) කුටියෙන් නොකියා වර්ගයේ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථනයක්, සිම්පත් 02ක්, චාජර් 01ක් සහ ඇඩැප්ටර් 01 ක් හමුවී ඇත.

ශානුක මධුෂාන් නොහොත් ඕලුමරාගේ කුටියෙන් (අංක 11 සිර මැදිරිය) නොකියා වර්ගයේ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථනයක් හා ඩේටා කේබල් 01ක් හමුවී තිබේ.

එමෙන්ම චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්දගේ සිර මැදිරියේ (අංක 38 සිර මැදිරිය) තිබී නොකියා වර්ගයේ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථනයක් හා ඩේටා කේබල් 01ක් හමුවී ඇත.

ජනිත් මදුසංඛ නොහොත් පොඩි ලැසීගේ කුටිය (අංක 46 සිර මැදිරිය) තුළ තිබී Huawei p50 pocket වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථනයක්, සිම්පතක් (සිම්පතෙහි වර්ගය මකා දමා ඇත), ඩේටා කේබල් 02ක් හා කළුපැහැති හෑන්ඩ් ෆ්‍රී 01ක් හමුව ඇත.

මෙම සියලුම ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ මේ වනවිට විශේෂ කාර්‍ය බලකා නිලධාරින් භාරයේ තබා ඇති අතර මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.