27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටම වෙලාගත් දූෂිත වායු තත්ත්වය ගැන විශේෂ දැනුම්දීමක්

රටම වෙලාගත් දූෂිත වායු තත්ත්වය ගැන විශේෂ දැනුම්දීමක්

ඉන්දියාවේ සිට මෙරටට හමා ආ දූෂිත වායු තත්ත්වය සීඝ්‍රයෙන් පහව යමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව වායු ගෝලයේ පවතින දූෂිත තත්ත්වය ක්‍රමයෙන් ඉවත්වනු ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර දිවයින පුරා වායු තත්ත්ව පරීක්ෂණ ස්ථාන 60ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ.

පවතින කාලගුණික තත්ත්වය මත අද (09) දිනයේ සියළුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ තීරණය කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමකින් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබෙනවා.