25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටේ ආර්ථිකය කෑවට පස්සේ පොත් ලිවීම ලෝක විහිළුවක්

රටේ ආර්ථිකය කෑවට පස්සේ පොත් ලිවීම ලෝක විහිළුවක්

මෙරට ආර්ථිකය ඝාතනය කිරීමට වගකිව යුතු අජිත් නිවාඩ් කබ්රාල්ගේ පොතට නම් තැබිය යුත්තේ ‘ආර්ථික ඝාතකයන් මැද’ යනුවෙන් නොව ‘ඝාතකයාගේ ඝාතකයා’ යනුවෙන් බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අර්බුදය ඇතිවෙලා ජනතාව කබලෙන් ලිපට වැටුනාටත් පසු දැන් ආර්ථික ඝාතනය පිළිබඳ පොත් ලිවීම ලෝක විහිළුවක් බවයි.

එදා මේ තීන්දු තීරණ ගනිද්දී අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවේදී මොනතරම් මුසාවාද කිව්වා දැයි ඇසූ මන්ත්‍රීවරයා සඳහන් කළේ “ආර්ථිකයේ කිසිම ගැටලුවක් නැහැ.. බයවෙන්න එපා සල්ලි තියෙනවා..” යැයි පැවසූ බවයි.