― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසහල් ආනයනය වහාම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

සහල් ආනයනය වහාම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන්නැයි දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උඋපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමක් අනුවයි.

2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇතිවෙතැයි සිතා මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 675,288ක් ආනයනය කර ඇථි අතර ඒ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 73,627කි.

සහල් ආනයනය අත් හිටුවීමට තීරණය කර ඇත්තේ පසුගිය යල කන්නයේදී ඉහළ වී අස්වැන්නක් ලැබීම හා මෙවර මහ කන්නයේදී මේ වනවිටත් වගා කිරීමට ඉලක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමට ගොවි ජනතාව කටයුතු කර තිබීම නිසාය.