30.6 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිරිපාදේ වඳින්න ගිය 96 සීයා හදිසියේම ජීවිතක්ෂයට

සිරිපාදේ වඳින්න ගිය 96 සීයා හදිසියේම ජීවිතක්ෂයට

ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය වයස 96ක් වයෝවෘද්ධ පිරිමි පුද්ගලයෙක් ඊයේ (08) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාල්ල සිට පැමිණි වන්දනා නඩයක් සමඟ මෙම පුද්ගලයා ඉඳිකටුපාන ප්‍රදේශයේදී මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.පී.එස්. වීරසේකර පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ වී. ඩබ්ලිව්. කරෝලිස් අප්පුහාමි නමැති අයෙකි. ඔහු වන්දනා නඩය සමග ශ්‍රී පාද මළුව දක්වා ගමන් කරමින් සිටියදී හදිසියේම ඉඳිකටුපාන ප්‍රදේශයේදී රෝගාතුර වී තිබේ.

අනතුරුව ඔහු රෝහලට රැගෙන යන අතරතුරදී නල්ලතන්නියේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.