26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය නාවික හමුදා ප්‍රධානී සහ නාවික හමුදාපති අතර හමුවක්

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී සහ නාවික හමුදාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් අද (13) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී දින 06ක නිල සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණි අතර එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඔහු උණුසුම් අයුරින් පිළිගත්තේය.

අද (13) උදෑසන නාවික හමුදා මූලස්ථානයට පිවිසි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර්, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් පිළිගැනීමෙන් අනතුරුව ඉන්දීය නාවික හමුදා ප්‍රධානී වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පිරිනමන ලදි. අනතුරුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු ඔහු වෙත නාවික හමුදා කළමණාකරන මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කෙරිණි.

මෙම නිල හමුවේදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ට අදාල වැදගත් කරුණු සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

සිය සය දින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා 17 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.